Menaka Peries Wedding Photos

Posted by gossip lanka live | | Posted in












Menaka Peries Wedding Photos

Nalin Perera's daughter Speaks

Posted by gossip lanka live | | Posted in ,








Nalin Perera's daughter Speaks

Kumar Sangakkara Interview of CNN Talk Asia - ලෝක කුසලාන තරගාවලියෙන් පසු සමුගන්න සූදානම් (Full Video)

Posted by gossip lanka live | | Posted in ,

  ලෝක කුසලාන තරගාවලියෙන් පසු සමුගන්න සූදානම්

ලොව ප‍්‍රමුඛතම රූපවාහිනී සේවාවක් වන සී. එන්. එන්. රූපවාහිනී සේවය මාසයකට වරක් පවත්වන ‘ආසියානු කතිකාව’ වැඩසටහන වෙනුවෙන් නොවැම්බර් මාසයේදී තෝරාගන්නා ලද්දේ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාරයි. සී. එන්. එන්. රූපවාහිනී සේවයේ ඇනා කොරෙන් සමග සම්මුඛ සාකච්ඡවකට සහභාගි වූ සංගක්කාර එහිදී සිය පෞද්ගලික ජීවිතය ගැන මෙන්ම ක‍්‍රිකට් දිවිය, ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු සහ ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමේ සැලසුම් ආදිය පිළිබඳව හෙළිදරව් කළේය.

සංගක්කාර සහ ඇනා කොරෙන් අතර ඇතිවූ සංවාදය මෙසේ සටහන් වේ.

ප‍්‍රශ්නය :
ඔබව සැලකෙන්නේ ශ‍්‍රී ලංකාවේ හොඳම පිතිකරුවෙක් විදිහටයි. ඔබ ජාතික මට්ටමේ තරුවක්. ඔබ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වගේම ඔබේ රට නියෝජනය කරන කෙනෙක්. මේ විදිහට බොහෝ දෙනෙකුට ආදර්ශවත් චරිතයක් බවට පත්වීම ඔබට පීඩනයක්ද?

පිළිතුර :
ක‍්‍රිකට් ක‍්‍රීඩාව බොහොම උද්වේගකර ක‍්‍රීඩාවක්. නමුත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව හුදෙක් ක‍්‍රීඩාවක් විතරක් නෙමෙයි. ඒක උන්මාදයක්. ඒ වගේම රටේ සමහර ගැටළුකාරී දේවල් සමනය කරන්නටත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව විශාල මෙහෙවරක් ඉටුකරලා තිබෙනවා. ඒ නිසා මේ විදිහට රට වෙනුවෙන් ක‍්‍රීඩාවේ යෙදෙන්න ලැබීම මට විතරක් නෙමෙයි, මුළු කණ්ඩායමටම විශාල ගෞරවයක්.

ප‍්‍රශ්නය :
ඔබේ රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව හුදෙක් ක‍්‍රීඩාවක් විතරක් නෙමෙයි කියලා ඔබ කිව්වා. ඔබේ රට අවුරුදු තිස් ගණනක සිවිල් යුද්ධයක් තිබුණු රටක්. ඒ රට එකමුතු කරන්නට ක‍්‍රිකට් ක‍්‍රීඩාව විශාල දායකත්වයක් ලබා දුන්නා කිව්වොත් ඒක නිවැරදිද?

පිළිතුර :
ඇත්තටම ඔව්. සමාජය තුළ එකමුතුකම සහ සමගිය ඇතිකරන්නට ක‍්‍රිකට් ක‍්‍රීඩාව වැදගත් කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා. අපේ කණ්ඩායමත් විවිධ ජාතීන්ට හා ආගම්වලට අයත් ක‍්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. ඒ නිසා අපේ කණ්ඩායම අපි ප‍්‍රාර්ථනා කරන ශ‍්‍රී ලංකාව නියෝජනය කරන තැනක් විදිහට හඳුන්වන්න පුළුවන්.

මේ විදිහට අපි එකට තරග කරමින් ජය පරාජය බෙදාහදා ගැනීම මම හිතන්නේ මුළු රටටම එකමුතුව ගැන පණිවිඩයක් ලබාදෙනවා. මේ පණිවිඩය සමාජයට බොහොම ආදර්ශවත් එකක් වෙලා තිබෙන බවයි මම හිතන්නේ. ක‍්‍රිකට් පිටියේදී ඔවුන්ගේ බලාපොරොත්තු තමන්ගේ උර මත රඳවාගෙන ක‍්‍රියා කරන කණ්ඩායම දැකීම අපව ආදරයෙන් වැළඳගැනීමට සමාජය පොළඹවන ලද බවත්, වඩා යහපත් සමාජයක් පිළිබඳ හැඟීමක් ඇතිකරන්නට හේතු වූ බවත් මා සිතනවා.

ප‍්‍රශ්නය :
අපි ඔබේ ක‍්‍රිකට් ජීවිතයේ විස්තර කතාකරමු. ඒවා අති විශිෂ්ටයි. 2005 සිට මේ දක්වාම ඔබ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මගින් ලෝකයේ අංක එකේ ටෙස්ට් පිතිකරුවා ලෙසට නම්කර තිබෙනවා. ටෙස්ට් තරග 128 කදී ඔබේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 58.76. මේවා විශිෂ්ට දත්ත. ද්විත්ව ශතක 10 ක් ලබාගෙන තිබෙන ඔබ ඒ අතින් දෙවැනි වන්නේ ඩොන් බ‍්‍රැඞ්මන්ට පමණයි. ඒ වගේම ඔබ විශිෂ්ට කඩුලූ රකින්නෙක්. එක්දින තරගයක වැඩිම දවාගැනීම් ගණනකට දායක වීම අතින් තුන්වැනි තැන ඉන්නේ ඔබයි. මේ අතින් ඔබට තව ළඟාකරගන්න ඉලක්ක තියනවද?

පිළිතුර:
(සිනාසෙමින්) හඹා යන්න තියන ඉලක්ක නම් අවසන් වෙන්නේ නැහැ. මම හිතන්නේ ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම යනතුරුම ඒ දේ එහෙමයි. මට ලෝක කුසලානයක් දිනාගන්න අවශ්‍යයි. ඒ සඳහා සූදානම් වෙන්නත්, කි‍්‍රකට්වලින් සමුගන්න කලින් එ් ඉලක්කය ළඟාකරගන්නත් මට තව මාස 6 ක කාලයක් තියෙනවා. මේ විදිහට ලෝක මට්ටමේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරන කෙනෙක් හැටියට කාගේත් ආදරයට පාත‍්‍ර වෙන්න ලැබීම මම ලබපු ලොකුම භාග්‍යයක්.

ප‍්‍රශ්නය :
ඔබ පැහැදිලිවම ලෝකයේ ඉහළම තලයේ ක‍්‍රීඩකයෙක්. මේ තරම් දක්ෂතාවයක් ඔබ ඇතිකරගත්තේ කොහොමද?

පිළිතුර :
මම හිතන්නේ ඒක දැඩි වෙහෙස මහන්සියක ප‍්‍රතිඵලයක්. ඒ වගේම සහජ හැකියාවන්, දක්ෂතාවන් වගේ දේවල් මේකට බලපානවා. හැමෝටම කුසලතාවන් සහ හැකියාවන් තියනවා. ඒ හැකියාවන් මොනවාද කියන එක හරියටම වටහාගැනීමයි වැදගත්ම දේ. සම්පූර්ණයෙන්ම නොවුණත් අඩුතරමේ කිසියම් දුරකට වත් එහෙම වටහාගැනීම වැදගත්.

ප‍්‍රශ්නය :
මම අහලා තියනවා ඔබ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වුණේ අහම්බෙන් කියලා. ඒක ඇත්තද?

පිළිතුර :
(නැවතත් සිනාසෙමින්)... මම ක‍්‍රිකට් ක‍්‍රීඩාව පටන්ගත්තේ ටිකක් ප‍්‍රමාද වෙලා. අද කාලයේ ළමයි අවුරුදු 7 න් 8 න් ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්න පටන්ගන්නවා. මම ක‍්‍රිකට් පටන්ගන්නකොට අවුරුදු 12 ක් 13 ක් විතර ඇති. නමුත් ලොකු අවධානයකින් යුතුව ක‍්‍රිකට්වලට යොමුවුණේ අවුරුදු 16-17 කාලයේ.

මම කිව්වා වගේම මම වාසනාවන්ත වුණා. ශ‍්‍රී ලංකාව ලෝක කුසලානය දිනාගත්තේ 1996 වසරේදී. ඒ කණ්ඩායමටම 1999 වසරේ එංගලන්තයේදී පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වෙන්න සිදුවුණා. මේක මුළු රටේම කලකිරීමට හේතුවක් වුණා. මෙහෙම කියන එක එ් තරම්ම හොඳ නැහැ, නමුත් මගේ වාසනාව පෑදුණේ ඒ වෙලාවේදී යි. ඒ කාලයේ පැරණි ක‍්‍රීඩකයන් වෙනුවට තරුණ ක‍්‍රීඩකයන්ට ලොකු ඉල්ලූමක් ඇතිවුණා. ඒ වෙලාවේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තවත් විශිෂ්ට ක‍්‍රීඩකයෙක් වෙලා හිටපු රොමේෂ් කලූවිතාරණගේ තැන ගන්නට මට හැකියාව ලැබුණා. මේ විදිහට බැලූවාම ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන්ම ඉවතට විසිවී යාමේ අවාසනාවන්ත සිදුවීම මගේ කි‍්‍රකට් ජීවිතයේ වාසනාවන්තම සිදුවීම කියලා හඳුන්වන්නත් පුළුවන්.

ප‍්‍රශ්නය :
ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යෙදුණාට අමතරව ඔබ ඔබේ පියාගේ අඩිපාරේ යමින් විශ්ව විද්‍යාලයේ  නීතිය හදාරමින් සිටියා. නමුත් රට වෙනුවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්නට ඔබ යොමුවුණේ 1996 ලෝක කුසලාන ජයග‍්‍රහණය නිසාද?

පිළිතුර :
ඔව්. ඒක මට ලොකු පෙළඹවීමක් වුණු බව කියන්න පුළුවන්. මට ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමේ හැකියාව තිබුණා, ඉතින් මට ක‍්‍රීඩා කරන්න අවශ්‍ය වුණා. ඒත් මට හිතුණේ තවමත් මම අවශ්‍ය කරන මට්ටම ළඟා කරගෙන නැහැ කියලයි.

අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වන්නට අවශ්‍ය සුදුසුකම් මට තිබෙන බවට ආත්ම විශ්වාසය ඇතිකරගන්න මට ලොකු කාලයක් ගතවුණා. මම හිතන්නේ මට ඒ ආත්ම විශ්වාසය ඇතිවුණේ අවුරුදු 21 දී ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්නට ආසන්න කාලයේදී. ජාත්‍යන්තර ක‍්‍රීඩකයෙකු ලෙස කළ යුතු කාර්යභාරය ඉටුකිරීමට හෝ මා කෙරෙන් අපේක්ෂිත තත්ත්වය සපුරාලීමට හැකි වේ කියා විශ්වාස කිරීම මට මුලින් අපහසු වුණා.

ප‍්‍රශ්නය :
ඔබ හැදී වැඩුණේ මහනුවර ප‍්‍රදේශයේ ඉහළ පවුලක. දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ඔබයි. ඔබේ පියා නීතීඥයෙක්. ඒ වගේම දැඩි විවේචකයෙක්. ඔබට මීට වඩා හොඳට දක්ෂකම් පාන්න පුළුවන් කියලා ඔහු පුවත්පතකට කියා තියෙනවා මම දැක්කා. ඔබේ ගමනට ශක්තියක් වෙන්නෙත් මේ මානසිකත්වයද?

පිළිතුර :
නැහැ. එහෙමම නෙවෙයි. ඒ අතින් මම හිතන විදිහ වෙනස්. ඔහු බොහොම දැඩි විවේචකයෙක් බව නම් ඇත්ත. නමුත් මම හිතන්නේ ඔහු කියන්නේ දක්ෂතා පැත්ත ගැනම නෙවෙයි. ඒක මම ක‍්‍රීඩාවේදී යොදාගන්නා තාක්ෂණයට අදාළ දෙයක්. ඔහු පරිපූර්ණත්වය කියන දේ දැඩිව විශ්වාස  කරනවා. මම විශ්වාස කරන්නේ විශිෂ්ටත්වය කියන දේ. ඉතින් අපි හැමදාම මේ ගැන වාද කරනවා. නමුත් මම හිතන්නේ ඔහු මේක දකින ආකාරය බොහොම සරලයි. ඔබ කරන දේ ගැන සම්පූර්ණ පාලනයක් ඔබට තියනවා නම්, ඒ දේ ඔස්සේ පරිපූර්ණත්වයට ළඟාවෙන්නේ කොහොමද කියන එක සෙවීම වැදගත් කියලයි ඔහු කියන්නේ. 

ප‍්‍රශ්නය :
ඔබේ පියා ගැන තවදුරටත් කතාකරනවා නම්, 1983 සිවිල් යුද්ධය ආරම්භ වුණු කාලයේ ඔබේ මවත් පියාත් බොහොම නිර්භීත පියවරක් ගත්තා. මේ පියවර නොවන්නට ඔවුන්ගේ දෙමළ ජාතික මිතුරන් 35 දෙනෙකු මරාදමනු ලබන්නට පවා ඉඩතිබුණා. ඔබ ඒ කාලයේ කුඩා දරුවෙකු බව ඇත්ත. නමුත් මේ ක‍්‍රියාව ඔබට ආදර්ශයක් වුණාද?

පිළිතුර :
ඔවුන් එහෙම නොකළා නම් අර දෙමළ මිතුරන් මරාදමන්නට ඉඩ තිබුණාද නැද්ද කියනා එක නම් මම හරියටම දන්නේ නැහැ. ඔවුන් අහවල් අය කියලා හංවඩු ගැහිලා හිටි අය නෙවෙයි. ඔවුන් ළඟම මිතුරන් පමණයි.

මම හිතන්නේ මගේ දෙමව්පියන් කළ දේ පුදුමාකාර දෙයක්. අද ඒ සිද්ධිය ගැන කල්පනා කරනකොට මට හිතෙන්නේ ඒ ඔවුන් අප තුළ ඇතිකරන්නට උත්සාහ කළ චරිත ලක්ෂණවලම පිළිබිඹුවක් කියලයි. මම කියන්නේ පොදුවේ සදාචාරය, සහයෝගය, ගෞරව හා ආදරය වගේ දේවල්.

ප‍්‍රශ්නය :
ඔබේ රටට බොහොම කාලයක් තිස්සේ දරාගන්නට සිදුවුණු සිවිල් යුද්ධය, ප‍්‍රචණ්ඩත්වය, මරාගෙන මැරෙන බෝම්බකරුවන් වගේ දේවල් ගැන අද ඔබට හිතෙන්නේ කොහොමද?

පිළිතුර :
ඒක ඇත්තටම හැඟීම් ගොඩක එකතුවක්. දුක, තරහව, පීඩනය, අවිනිශ්චිත බව වගේ දේවල්... ඒ වුණත් අපි යථාර්ථවාදීව සිතන්නට  ඕනේ. ඒක අපේ රටේ අඳුරු යුගයක්. බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතවලින් ඒකට වන්දි ගෙව්වා.

උතුරේ, දකුණේ, නැගෙනහිර ඇතුළු සෑම තැනකම දරුවන් මේ යුද්ධය නිසා කාලය ගෙව්වේ බයෙන්. මුළු පරම්පරාවක් ඒ දුක වින්දා. ඒ වගේම අනතුර සහ බිය ගැන හැඟීමක් මුළු රටේම පැතිරිලා තිබුණා. මට මතකයි සමහර වෙලාවට කොළඹ වාහනය පදවාගෙන යන වෙලාවක රථවාහන සංඥාවල නතර කළ වෙලාවට හිතෙනවා, දැන් බෝම්බයක් එහෙම පිපිරුණොත් මොනවා වෙයිද කියලා. ඒක හරි අමුතු හැඟීමක්. ඒත් දැන් මගේ දරුවන්ටත්, රටේ දරුවන්ටත්, කොයි කාටත් ඒ බිය නැහැ. දැන් බය නැතුව දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ව පාසල් යවන්න පුළුවන්. ඒ ගැන මම බොහොම කෘතඥ වෙනවා. අපට අවශ්‍ය තැනට ශ‍්‍රී ලංකාව ඔසවා තියන්නට තව බොහෝ දේවල් කරන්න  ඕනේ. නමුත් මම හිතන්නේ ඒකට අවශ්‍ය ශක්තිමත් පදනමක් අපට තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධ පාඩම් අපි ඉගෙනගෙන ඇතැයි කියා මම හිතනවා.

ප‍්‍රශ්නය :
2009 මාර්තු මාසයේ 3 වැනිදාල ආරක්ෂක ගැටලූ නිසා ඉන්දියාව හා ඔස්ටේ‍්‍රලියාව පාකිස්ථානයේ සංචාරය කිරීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවක ශ‍්‍රී ලංකා කණ්ඩායම එහි සංචාරය කළා. කණ්ඩායම ලාහෝර් නුවර ක‍්‍රීඩාංගණය වෙත යමින් සිටියදී ඔබ ගමන්ගත් බස් රථයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල වුණා. ඒ භයානක අත්දැකීම අපට විස්තර කරන්න පුලූවන්ද?

පිළිතුර :
ඇත්තටම මම හිතන්නේ ඒ වෙලාවේ හැටියට අපට බයවෙන්න කාලයක් තිබුණෙත් නැහැ. මට මතක හැටියට අපි යමින් හිටියේ ටෙස්ට් තරගයක තුන්වැනි දවසට. ‘මොකක් හරි වෙලා අපට ගෙදර යන්න ලැබෙනවා නම් හොඳයි’ කියලා අපේ වේගපන්දු යවන්නෙක් කිව්වා. ඒ කියලා තප්පර 20 ක් වත් යන්න කලිනුයි වෙඩි හඬ ඇහුණේ.

අපට පහත් වෙන්න කිව්වා. ඒ විදිහට කරනවා ඇරෙන්න අපටත් වෙන විකල්පයක් තිබුණේ නැහැ. අපි බස් එක එලවනවා වත් ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයන් වත් නෙවෙයි. අවාසනාවකට අපට ඉදිරියෙන් ගිය ජීප් රථයේ හිටි ආරක්ෂක අංශ සාමාජිකයන් 6 දෙනෙක් සහ එළියේ බයිස්කල්වල ගමන් කළ දෙදෙනෙක් තප්පර 10 ක් පමණ ඇතුළත ප‍්‍රහාරයට ගොදුරු වුණා. ඉන්පසුව බස් රථය නැවතිලා තිබෙද්දී දිගටම වෙඩි ප‍්‍රහාර එල්ල වුණා.

ප‍්‍රශ්නය :
වෙඩි වැදුණු ක‍්‍රීඩකයන් 6 දෙනාගෙන් ඔබත් එක්කෙනක්. ඒ වෙලාවේ දැනුණේ මොනවගේ හැඟීමක්ද?

පිළිතුර :
මගේ උරහිසට වෙඩි වැදුණා. මා ළඟ හිටපු තිලාන් සමරවීරගේ කලවයට වැදුණු වෙඩි උණ්ඩයක් දණහිසට එනකන් කිඳා බැහැලා තිබුණා. ඒ වුණත් ඒ වෙලාවේ.... මම හිතන්නේ මට මොකුත් හිතුණේ නැහැ. කරන්න තිබුණේ ඔලූව පහත් කරගෙන ඔළුවට වෙඩි නොවදින්න කියලා ප‍්‍රාර්ථනා කරන එක විතරයි.

කොහොම වුණත් මිනිස්සු ඒ වෙලාවේ අපි ගැන හොයා  බලපු විදිහ හරිම වටිනවා. අපි ලංකාවට ආවට පස්සේ මගේ වාහනය මාර්ග බාධකයකදී නතර කෙරුණා. ඒ හමුදා නිලධාරීන් කරන්නේ බොහොම භයානක රැුකියාවක්. පුපුරන ද්‍රව්‍ය තියන වාහනයක් නතර කළොත් ඔවුන්ගේ ජීවිත එතැනින්ම ඉවරයි. එතන හිටපු එක හමුදා නිලධාරියෙක් මාව අඳුනගෙන මගෙන් පාකිස්ථානයේ සිද්ධිය ගැන අහලා මම හොඳින්ද කියලා ඇහුවා. ඔහු කිව්වා ඒ සිද්ධිය ආරංචි වුණාම ඔවුන් බොහොම කම්පනයට පත්වුණා කියලා. මම ඇහුවා ඉතින් ඔයගොල්ලෝ හැමදාමත් ඔය දේට මූණදෙනවා නේද කියලා. ‘ඒත් ඔයගොල්ලෝ අපේ වීරයෝනේ’ කියලා එයා උත්තර දුන්නා. ඒක මට හරිම සංවේදී මොහොතක්. ඒ අය තමයි සැබෑ වීරයෝ. රට බේරගන්න හැමදාමත් වෙඩි උණ්ඩවලට මූණදෙන්නේ ඒ අයයි. එහෙම කරද්දීත් ඒ අය අපි ගැන මෙහෙම හිතනවා. එදා මට ශ‍්‍රී ලාංකිකයෙක් වීම ගැනත්, මේ රටේ ජීවත් වීම ගැනත් ලොකු ආඩම්බරයක් දැනුණා.

ප‍්‍රශ්නය :
සුප‍්‍රසිද්ධ කොලින් කවුඞ්රි දේශනය පවත්වන්න ඔබට ආරාධනා ලැබුණා. එදා ඔබ බොහොම චතුරව, හැඟීම්බරව, ගෞරවයෙන් සහ සාඩම්බරයෙන් කතාකළා. කොහොම වෙතත් ඒ කථාව තරමක් විවාදාත්මක එකක් වුණා. ඇත්තටම එදා ඔබේ අරමුණ වුණේ මොකක්ද?

පිළිතුර
මට විවාදාත්මක තත්ත්වයක් ඇතිකරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒක ඇත්තටම මගේ කතාවේ කොටසක් විතරයි. ඒක ලොකු රහසකුත් නෙමෙයි. ඒක මගේ විනාඩි 57 ක කතාවේ පේළි 4 ක් ගැන ඇතිවුණු තත්ත්වයක්.

ඒකෙන් කාටවත් හිත් රිදීමක් ඇතිවුණාද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඇත්තටම එකෙන් බහුතරයකට හිත් රිදීමක් ඇතිවුණේ හෝ මගේ කතාව වැරදි සහගත ලෙස අර්ථකථනය වීමක් සිදුවුණේ නැහැ. මම කතාකළේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන එක ගැන විතරක් නෙමෙයි. සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව, අපි එහි නිරතවෙන හැටි, ශ‍්‍රී ලාංකිකයෙක් ලෙස මම ඒ ගැන ආඩම්බර වෙන හැටි වගේම මේ වගේ අපූරු රටක මේ වගේ අපූරු ක‍්‍රීඩාවක යෙදෙන්නට හැකිවීම, මම ආදරය කරන දේ දිනපතාම කරමින් මේ තරම් පිරිසකට සතුට ගෙනදෙන්නට හැකිවීම වගේ දේවල් ගැනයි මම කතා කළේ.

ප‍්‍රශ්නය :
මමත් දකින්නේ ඒක හරිම විශිෂ්ට කතාවක් විදිහටයි. (සංගක්කාරගෙන් ස්තුති කිරීමක්). ඒත් ඔබ කියපු පේළි හතරේදී ඔබ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ ගැන කතාකළා. ඔබට ඒකෙන් ප‍්‍රතිවිපාකවලට මුහුණදෙන්න සිදුවුණාද?

පිළිතුර :
නැහැ, පුද්ගලිකව මට කිසිම ප‍්‍රතිවිපාකයකට මුහුණදෙන්න සිදුවුණේ නැහැ. මාත් සමග සංවාද ඇතිවුණා. මම ඒවාට බොහොම විවෘතව, සෘජුව උත්තර දුන්නා. මම හිතන්නේ මගේ කතාව පොදු සන්දර්භය ඇතුළේ තබා බැලූවාම ඒ පේළි හතර බොහොම සාධනීය බව ඔවුන්ටත් සිතෙන්න ඇති. ඒ නිසා වදවෙන්නට දෙයක් නැති බව ඔවුන් වටහාගත් බවයි මම හිතන්නේ.

ප‍්‍රශ්නය :
2007 දී ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් තරගයේදී ඔස්ටේ‍්‍රලියාවට පරාජය වුණා. 2009 දී ඔබ කණ්ඩායමේ නායකත්වයට පත්වී ඊළඟ ලෝක කුසලානයේ අවසාන තරග දක්වා කණ්ඩායම මෙහෙයවුවත් ඒ තරගයේදී ඔබ ඉන්දියාවට පරාජය වුණා. ජයග‍්‍රහණයට මේ තරම් ආසන්නයට පැමිණ ආපසු හැරෙන්න වීම කොයි වගේ හැඟීමක්ද? ඒක දරාගන්න අමාරු දෙයක්ද?

පිළිතුර :
ඔව්. මම හිතන්නේ... ඇත්තටම ඒක හතර පාරක් සිද්ධ වුණා. 2007 දී එක්දින ලෝක කුසලානය. ඊළඟට 2009 දී විස්සයි විස්ස ලෝක කුසලානය. ඊළඟට 2011 එක්දින ලෝක කුසලානය සහ 2012 දි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය. අවසන් තරග 4 ක් අපි පරාජය වුණා. මම හැමතිස්සෙම හිතන්නේ අවසන් තරගය ඇවිත් පරාජය වීමට වඩා මුල් වටයෙන්ම ඉවත් වීම හොඳයි කියලයි. අවසන් තරගයට පැමිණියාම බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඉතින් පරාජය වෙනවා කියන එක හරිම දුෂ්කර දෙයක්. ඒක හරිම වේදනාත්මකයි.

ප‍්‍රශ්නය :
2011 ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ නායකත්වයෙන් ඉල්ලා අස්වුණේ ඇයි?

පිළිතුර :
ඒ කතාවේ පැති දෙකක් තියනවා. 2009 දී කලින් හිටපු නායක මහේල ජයවර්ධන ඉල්ලා අස්වුණාට පස්සේ මගේ නායකත්වයේ කාලය අවුරුදු දෙකයි කියලා මම දැනගෙන හිටියා. මගේ ඉලක්කය වුණේ 2011 ලෝක කුසලානය. ඒකෙන් පස්සේ දැන් ඇති කියලා මම හිතුවා. ලෝක කුසලානයට මාස 6 කට කලින්ම මම මගේ තීරණය තේරීම් කමිටුවට දන්වලයි තිබුණේ. ඒ අතරම මට සමහර දේවල් ගැන ගැටළු තිබුණා.
මට මගේ කණ්ඩායම මෙහෙයවන්නට හැකිවුණු ආකාරය සහ මට නිවැරදියි කියලා හිතුණු දේ කරන්නට තියන ස්වාධීනත්වය වගේ දේවල්. අන්තිමේදී නායකයා විදිහට බලාපොරොත්තු කඩවීම්වලට මුහුණදෙන්න මට අවශ්‍ය වුණේ නැහැ. ඒක අනවශ්‍ය ගැටළුවක්. ඒ වගේම නායකත්වය බාරගන්න සුදුසු වෙනත් අය කණ්ඩායම ඇතුළේ හිටියා කියලා මම හිතනවා.

ප‍්‍රශ්නය :
 ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානයෙන් පස්සේ ඔබ ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නවා කියලා කතාවක් තියනවා. ඒක ඇත්තද?

පිළිතුර :
ඔව්, මම ඒක ගැන හිතහිතා හිටියේ. මම දැන් විස්සයි විස්ස තරගවලින් සමු අරන්; ක‍්‍රීඩා කරන්නේ එක්දින සහ ටෙස්ට් තරගවලට විතරයි. මම හිතන්නේ අනිවාර්යයෙන්ම ලෝක කුසලානයෙන් පස්සේ මගේ එක්දින ක‍්‍රීඩා ජීවිතය අවසාන වේවි. තව අවුරුද්දක් පමණ කාලය දික් කළත් මට ක‍්‍රීඩා කරන්න ලැබෙන්නේ තරග 7 - 9 ක් විතරයි. ඒ නිසා විශේෂයෙන්ම සනත් ජයසූරිය ඇතුළු තේරීම් කමිටුව එක්ක, කණ්ඩායමට හොඳම දේ මොකක්ද කියන එක ගැන සාකච්ඡුා කරන්න  ඕනේ. මේක ටිකක් දුෂ්කර කටයුත්තක්. නමුත් තේරීම් කමිටුවේ එකඟතාවත් එක්ක මට ලෝක කුසලානයෙන් පස්සේ ක‍්‍රිකට් පිටියෙන් සමුගන්න හැකිවේවි.

ප‍්‍රශ්නය :
ඒ කියන්නේ මේ ආරංචිය මුලින්ම ඔබ හෙළිකළේ අපටයි?

පිළිතුර
(සිනාසෙමින්).... එහෙමම කියන්න බැහැ. ඒත් මේක මම බරපතළ විදිහට හිතමින් ඉන්න දෙයක් බව නම් කියන්න පුළුවන්.

ප‍්‍රශ්නය :
ඔබ වගේම, මහේල, ඩිල්ශාන්, මාලිංග වැනි අය විශ‍්‍රාම ගියාට පස්සේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මොනවා වෙයිද කියලා සැකසංකා ඇතිවෙලා තියනවා. රටේ ක‍්‍රිකට් කණ්ඩායමේ ජීවනාලිය වුණේ මේ හතරදෙනා. මේක ඇත්තටම කොච්චර බරපතළ ගැටලූවක්ද?

පිළිතුර :
නෑ. ඒක ක‍්‍රීඩාවේ එක යථාර්ථයක් විතරයි. කාලයෙන් කාලයට ප‍්‍රධාන පෙළේ ක‍්‍රීඩකයන් බිහිවෙනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කවදත් ඒ වගේ ක‍්‍රීඩකයන් හිටියා. ඒ නිසා අපි විශේෂ දෙයක් කළා කියලා මම හිතන්නේ නැහැ. අපි රට වෙනුවෙන් අපේ රාජකාරිය හරියට ඉෂ්ට කළා. දැන් ඒ වගකීම භාරගන්න අනෙක් ක‍්‍රීඩකයන්ට අවස්ථාව ඇවිත්. අපේ ඊළඟ පෙළේ ක‍්‍රීඩකයන් දිහා බලනකොට අපව සම කරන්න විතරක් නෙමෙයි, අපව ඉක්මවා යන දක්ෂතා පෙන්නුම් කරන්න තරම් හැකියාවන් තියන ක‍්‍රීඩකයන් ඉන්න බව පේනවා.

ප‍්‍රශ්නය :
ඊළඟ වසරේ ලෝක කුසලාන තරගාවලිය සහ ඒ ගැන ශ‍්‍රී ලංකාවත් ඔබත් තබා තිබෙන බලාපොරොත්තු ගැන ඔබ කිව්වා. මේ බලාපොරොත්තු ඉටුවේවිද?

පිළිතුර :
ඔව්. ඇත්තටම ඒ ඉලක්කය ළඟා කරගන්න අපට පුළුවන්. අපි ඒකට හරියට සූදානමින් ඉඳීවි. මම අනාවැකි කියන්න කැමති නැහැ. ඒත් අපි හැකි උපරිමය කරන බව නම් මට ඔබට කියන්න පුළුවන්. අපේ කණ්ඩායම පරිපූර්ණ කණ්ඩායමක් බවට පත්කරන්න අවශ්‍ය විවිධත්වය කණ්ඩායම ඇතුළේ තියෙනවා. අපි කරන්න  ඕනේ හැම තරගයකටම හොඳින් සූදානම් වී මුහුණදෙන එක විතරයි. අපි බලමු. මේක සුළුපටු දෙයක් නෙමෙයි.

Swimming Pools for Love couples in italy - ඉතාලියේ රූම් වෙනුවට පූල්

Posted by gossip lanka live | | Posted in










swimming pools for love couples in italy

Menaka Peries And Amar Wedding Pre shoot

Posted by gossip lanka live | | Posted in ,


















Menaka Peries And Amar Wedding Pre shoot

Achini Gunarathna'a Wedding

Posted by gossip lanka live | | Posted in ,








Achini Gunarathna'a Wedding

Lahiru Thirimanne's Pre-Wedding Shoot

Posted by gossip lanka live | | Posted in



















Lahiru Thirimanne's Pre-Wedding Shoot

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.